අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ

අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ

August 3, 2025   09:37 pm

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ 5වන කුඹල් පෙරහර හෙවත් අවසන් කුඹල් පෙරහර අද (3) පස්වරු 6.43ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කළේය.

අද පෙරහරේ මගුලැතු වශයෙන් දළදා කරඬුව වැඩම කරවීමේ භාග්‍ය කතරගම වාසනා හස්තියා හිමිවිය.

එමෙන්ම දෑලේ ගමන්කිරීමට වරම් හිමිවූයේ පුලතිසි රාජා සහ සිංහ රාජා හස්තීන්ටය.
 
මේ අතර ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර හෙට (4) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.