රුසියාවේ තෙල් පිරිපහදු සංකීර්ණයකට යුක්‍රේන ප්‍රහාරයක්

රුසියාවේ තෙල් පිරිපහදු සංකීර්ණයකට යුක්‍රේන ප්‍රහාරයක්

August 3, 2025   07:52 pm

යුක්‍රේන හමුදා රුසියාවේ නොවොකුයිබයිෂෙව්ස්ක් ප්‍රදේශයේ පිහිටි තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ.

ඩ්‍රෝන යානා යොදාගෙන සිදුකළ මෙම ප්‍රහාරයෙන් එම සංකීර්ණයට දැඩි හානි සිදුවී ඇති බව සඳහන් වේ.

මේ අතර රුසියාව ද යුක්‍රේනයේ ප්‍රහාරක ඩ්‍රෝන යානා නිපදවන කර්මාන්තශාලාවක් සහ දිගු දුර ඩ්‍රෝන පාලන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ඊයේ ප්‍රහාර එල්ලකර තිබුණි.

එමෙන්ම යුක්‍රේනය තුළ තවත් එක් ප්‍රදේශයක් අල්ලා ගැනීමට ද රුසියානු හමුදාව සමත්ව ඇත.