දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ගමන්ගත් රථය අනතුරක

දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ගමන්ගත් රථය අනතුරක

August 2, 2025   03:26 pm

දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගමන්කළ රථය අද (02) උදෑසන 09.00ට පමණ අනතුරට ලක්ව තිබේ.

අදාළ කැබ් රථය නෑබඩ ප්‍රදේශයේ සිට ගොවින්න ප්‍රදේශය දක්වා ගමන් කරමින් තිබියදී ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක පිටුපස කෙළවරේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබු‍ණි. 

අනතුරෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති අතර කැබ් රථයට සුළු හානි සිදුවී ඇත.

අනතුරු සිදුවන අවස්ථාවේදී අදාළ කැබ් රථය සභාපතිවරයා විසින් පදවාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.