ලොකු පැටී එළැඹෙන 04 වනදා දක්වා රිමාන්ඩ්
August 1, 2025 02:11 pm
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදවා එල්ලවී සිටින අපරාධ කල්ලි නායකයෙකු වන "ලොකු පැටී" නැමැත්තාව එළැඹෙන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ඒ සැකකරු රැඳවුම් නියෝග අවසන් කර අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් "ලොකු පැටී" නැමැති අපරාධකරු පසුගිය මැයි මස 4 වැනිදා දිවයිනට රැගෙන ආවේය.
බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසු වූ ඔහු දිවයිනට රැගෙන ඒමෙන් පසුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කෙරිණි.
ඒ අනුව දින 90ක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කළ විමර්ශන නිලධාරීන් ඔහු සතු වූ ගිනිඅවි හා දේපළ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගත්තේය.
ඔහුගේ දින 90ක රැඳවුම් කාලය එළැඹෙන 4 වනදා අවසන්වීමට නියමිතව තිබුණද විමර්ශන නිලධාරීන් අද දිනයේදී ඔහුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ පාතාල කල්ලි රැසකින් ඔහුට තර්ජන එල්ලවීමත් සමගය.
ඒ අනුව ලොකු පැටී නැමැත්තාව එළැඹෙන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.