ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

August 1, 2025   02:11 pm

ශ්‍රී ලංකාව සමගින් පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) දිවයිනට පැමිණියේය.

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා - පැසිෆික් කලාපීය තරගාවලියට පෙර සූදානමක් ලෙස ඔවුන් මෙම සංචාරය සිදුකර තිබේ.

මේ යටතේ ඔවුන් පුහුණු තරග 7කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩාකිරීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වයස 19න් පළාත් සංචිත හතරක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලබාදෙනු ලැබේ.

මෙම තරගවලින් තරග 5ක් මග්ගොනදී ද, තරග 2ක් කොළඹ NCC ක්‍රීඩාංගණයේ දීද පැවැත්වීමට නියමිතය.