නවසීලන්ත ටෙස්ට් නායකත්වය සැන්ට්නර්ට

නවසීලන්ත ටෙස්ට් නායකත්වය සැන්ට්නර්ට

July 29, 2025   09:26 pm

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් නම් කර තිබේ.

නවසීලන්ත නිත්‍ය නායක ටොම් ලේතම් මේ වනවිට උරහිසේ ආබාධයකට ලක්ව සිටින අතර, ඔහු දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇති බව නවසීලන්තය ක්‍රිකට් නිවේදනය කර ඇත.

මේ හේතුවෙන් නවසීලන්ත සීමිත පන්දුවාර තරගවල නායකයා වන සැට්නර්ට මෙම වගකීම ලැබී තිබේ.

ඒ අනුව නවසීලන්ත පිරිමි ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් මෙහෙයවන 32 වන නායකයා මිචෙල් සැන්ට්නර් වනු ඇත.