අභියෝග හමුවේ සියදිවි නසාගැනීම විසඳුමක් නොවේ

අභියෝග හමුවේ සියදිවි නසාගැනීම විසඳුමක් නොවේ

July 29, 2025   08:52 pm

දිවි නසාගැනීම් විවිධ අවස්ථාවලදී අප රටෙන් වාර්තා වෙයි.

එහි ඛේදවාචකය නම් තමා දිවි නසාගන්නවා සේම තවත් අයෙකුගේ ජීවත්වීමේ අයිතියට ද හානි පැමිණවීමය.

ජීවිතයට එල්ලවන අභියෝග හමුවේ ඇති විසඳුම දිවි නසාගැනීම ද?

මේ පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජයබණ්ඩාර මහත්මිය,

"ගොඩක් වෙලාට කීහිප වතාවක් හිතනවා, සැලසුම් කරනවා, ඊට පස්සේ තමයි උත්සහා කිරීම් සහ කෙරවල අවසානයක් දකින්නේ.  අපි ඕනේ කෙනෙක්ට ජීවිතේ සමහර වෙලාවදී හිතෙන්න පුළුවන් දැන් ඇති, දැන් බෑ කියලා, හැබැයි ඔබට දිගින් දිගට එහෙම හිතෙනවානම් ඔන්න ඔබට උදව් අවශ්‍යයි. අපේ මාසික සෞඛ්‍ය උපකාරක සේවය 1926 පැය 24 පුරා  ක්‍රියාත්මකයි. අමතන්න සැනින් ඔබට අවශ්‍ය යොමුකිරීම අපි කරනවා. කෙනෙක් හිතනවානම් තමන් උදව් ගන්න යන එක දුර්වල කමක් කියලා කිසිසේත්ම නැත. මැරෙන්න හිතෙනවානම් ඔන්න ඔබට උදව් ගන්න මේක තමයි හොඳම අවස්ථාව කල් දාන්න එපා දැන්මම  අමතන්න 1926 අපි ඔබට උදව්වෙන්නම් ප්‍රතිකාර වගේම උපදේශන සම්බන්ධයෙන් අපිට ඔබට සහාය වෙන්න පුළුවන්."