නිව්යෝක් නුවර සිදු වූ වෙඩි තැබීමකින් 5ක් මරුට
July 29, 2025 07:08 am
අමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩාවැදුන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙක් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊයේ (28) සවස මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ලාස් වේගාස් හි සිට පැමිණි 27 හැවිරිදි ෂේන් ටමුරා නැමැති පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව හඳුනාගෙන ඇත.
එමෙන්ම සැකකරු විසින් ඔහුටම වෙඩි තබා ගනිමින් සියදිවි නසාගෙන ඇති බවද වාර්තා වේ.
ඒ අනුව මියගිය පිරිස අතර පොලිස් නිලධාරියෙක්, සිවිල් වැසියන් සහ සැකකරු ද සිටින බව විදසේ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.