කාන්තා එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන

කාන්තා එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන

August 22, 2025   03:03 pm


ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලානයේ සංශෝධිත තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (22) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ගැටලුවක් ඇතිව තිබූ බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය ඉන් ඉවත්කර මුම්බායි හි DY පටිල් ක්‍රීඩාංගණයේ පැවැත්වීම තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාවට අමතරව ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය හා දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් අතර මෙවර තරගාවලිය පැවැත්වේ.

මූලික වටයේදී සෑම රටක්ම සෙසු රටවල් සමගින් තරගවදින අතර, එහිදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4ට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව ඇත.

තරගාවලිය සැප්තැම්බර් 30වනදා ආරම්භ වන අතර, තරග ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගුවහාතිහිදී පැවැත්වේ.

මේ අතර ඉන්දු - පාකිස්තාන දේශපාලන අර්බුදය හේතුවෙන් පාකිස්තානය ක්‍රීඩාකරන සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ අවසන් පූර්ව තරග ඔක්තෝබර් 29 හා 30 දිනවලදී ද, අවසන් මහා තරගය නොවැම්බර් 2 වනදා පැවැත්වීමට නියමිතය.

මෙහි කුමන හෝ අදියරට පාකිස්තානය සුදුසුකම් ලබා සිටියහොත්, එම සියලුම තරග කොළඹදී පැවැත්වෙන බව ICCය දන්වා සිටී.