තායිලන්ත සහ කාම්බෝජ දේශසීමා ගැටුම් නරක අතට
සයුරෙන් එතෙර

තායිලන්ත සහ කාම්බෝජ දේශසීමා ගැටුම් නරක අතට

July 25, 2025   03:24 pm

තායිලන්ත - කාම්බෝජ දේශසීමාවේ පවතින යුද ගැටුම් අද (25) දෙවන දිනටත් ක්‍රියාත්මක වී තිබේ.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය ආරම්භ වූ ඊයේ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් 15 දෙනෙකුම තායිලන්ත ජාතිකයින් බව සඳහන්.

එමෙන්ම මෙම අර්බුදයත් සමග දේශසීමා ආසන්න ගම්මානවල ජීවත් වූ ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව සිටින බවද විදෙස් වාර්තාවල දැක්වේ.

පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වහාම සටන් විරාමයකට යන ලෙස දෙරටේම නායකයින්ගෙන් රටවල් කිහිපයක්ම ඉල්ලා තිබේ.

මේ අතර මෙම උද්ගතවූ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද අද රැස්වීමට නියමිතව ඇත.