කුරුලු උයනේ හිමිකරු යළිත් රිමාන්ඩ්

කුරුලු උයනේ හිමිකරු යළිත් රිමාන්ඩ්

July 25, 2025   11:06 am

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරු එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකයාවරයා ද එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.

අදාළ සැකකරුවන් පසුගිය 17 වැනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පසුගිය දා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගනු ලැබීය.

පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වටිනාකමින් යුතු බවය.