ප්‍රදේශ කිහිපයකට අද තද සුළං
July 24, 2025 10:13 am
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (24) තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු - මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 55-60ත් අතර තද සුළං ඇති විය හැකිය.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40-50ත් අතර තරමක තද සුළං තත්ත්වයන් ඇති වියහැකි බව සඳහන් වේ.
තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.