ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් 50ක් මරුට
July 17, 2025 11:51 am
ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
නැගෙනහිර ඉරාකයේ පිහිටි අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක මෙම දැවැන්ත ගින්න ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරන බව වාර්තා වේ.