කණ්ඩලමේ හැඩකාරයාගේ ජීවිතයත් අනතුරේ ද?
July 16, 2025 04:05 pm
"කණ්ඩලමේ හැඩකාරයා" නමින් හඳුන්වන වනඅලියාගේ ඉදිරි පාදයට වෙඩි වැදීම හේතුවෙන් වනඅලියා ඉතා අපහසුවෙන් සිටින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
ඔවුන්ගේ දැනුම්දීම මත මාස ගණනාවක සිට වනජීවී නිලධාරීන් අවස්ථා කිහිපයකදීම මෙම වනඅලියාට ප්‍රතිකාර සිදුකර තිබේ.
ඒ අනුව, වන අලියාට ආහාර ලබාදීම සිදු නොකරන්නැයි වනජීවී නිලධාරීන් ජනතාවට දැනුම් දී ඇත.
කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වෙඩි වැදීම හේතුවෙන් වනඅලියා වනයේ සැරිසරන්නේ නොමැතිව කණ්ඩලම වැව ආශ්‍රිතව පමනක් සිටින බැවින් අලියාට ආහාර හිඟයක් පවතින බවය.
ඒ අනුව, ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් වනඅලියා සිටින ස්ථානයට හැකි පමණින් සුළු ආහාර ප්‍රමාණයක් ගෙනවීත් දමා ඇති අයුරු දැකගත හැකිය.
මේ අතර, වනඅලියාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
එමෙන්ම පරිසර අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාද මෙම වනඅලියාගේ සුවදුක් විමසීමට පසුගිය දා පැමිණි බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මේ අතර, වනජීවී නිලධාරින් ද වනඅලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා විවිධ උපක්‍රමශීලීව ප්‍රතිකාර කිරීම් සිදුකර කරන බව වාර්තා වේ.