සිරියානු හමුදා රථ පෙළකට ඊශ්‍රායල ප්‍රහාරයක්

සිරියානු හමුදා රථ පෙළකට ඊශ්‍රායල ප්‍රහාරයක්

July 16, 2025   02:07 pm

සටන් විරාම නිවේදනයෙන් පසු සිරියාවේ ස්වයිඩා ඩෲස් නගරයේ ගැටුම් යළි ආරම්භ වී තිබේ.

සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු දකුණු ඩෲස් නගරයේ සිරියානු රජයේ හමුදා සහ ප්‍රාදේශීය ඩෲස් සටන්කරුවන් අතර ගැටුම් නැවත ආරම්භ වී ඇත. 

අලුයම වන විට නගරය සහ අවට ගම්මාන දැඩි කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාරවලට ලක්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ නිරිතදිග සිරියාවේ ඩෘෘස් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ සිරියානු හමුදා රථ පෙළක්.

සිරියාවේ ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින්, සටන් විරාමය කඩ කිරීම සම්බන්ධයෙන් ස්වයිඩාවේ නීති විරෝධී කණ්ඩායම්වලට දොස් පවරා ඇත.