රත්‍රං කිලෝ 35ක් ගෙන ආ ගුවන් මගියෙක් අත්අඩංගුවට

රත්‍රං කිලෝ 35ක් ගෙන ආ ගුවන් මගියෙක් අත්අඩංගුවට

July 15, 2025   07:18 pm

නීති විරෝධි ලෙස රුපියල් කෝටි 110 ක වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 35ක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම  රත්‍රං, ඒවා මෙරටට ගෙන ඒම සඳහා විශේෂයෙන්ම සකස් කළ මෝටර් රථ අමතර කොටස් සේ පෙනෙන ආකාරයේ උපකරණ 09 ක් තුළ සඟවා, එය සිය ගමන් මල්ලේ ද සඟවා ගනිමින් සැකකරු විසින් රැගෙන විත් ඇති බව වාර්තා වේ.

සැකකරු  32 හැවිරිදි ග්‍රෑන්ඩ්පස් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

ඔහු අද (15) උදෑසන 08.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු සතුව තිබී රන් බිස්කට් 195ක් සහ ස්වර්ණාභරණ කිලෝ 13ක් තිබූ බව සඳහන් වේ.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.