අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගන්න CID කණ්ඩායම් කිහිපයක් විදෙස් රටවලට
July 15, 2025 06:11 pm
විදෙස් රටවල සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් දියත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් එම රටවල් වෙත යවා ඇති බවද ඔහු සඳහන් කර සිටියේය.
කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම අපරාධකරුවන් මැදපෙරදිග රටවල් ඇතුළු තවත් රටවල් කිහිපයක සිටින බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන ලබාගෙන ඇති බවය.
එමෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙක් මැලේසියාවේ සිටින බවට සමාජ මධ්‍ය හරහා සහ ජන මාධ්‍ය හරහා පසුගියදා තොරතුරක් ප්‍රචාරය වූ බවත් ඒවා නිවැරදි තොරතුරු නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
'' රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් තානාපති අංශ සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. එහි තව අදියරක් හැටියට තමා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කීපයක් ඒ රටවලට ගිහිල්ලා ඒ පිළිබඳව ඒ රටවල නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම ඔවුන් වහාම මේ රටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. මේ වෙනකොට එවැනි ක්‍රියාමාර්ග අරන් තියෙනවා. මම දැක්කා සමහර මාධ්‍යවල පොලිසිය හිස් අතින් ආවයි කියලා. නමුත් අපි මේක දිගින් දිගටම කරනවා. මොකද මේ සංවිධානාත්මක අපරාධ මර්දනය සඳහා ඔවුන් ඒ රටවල ඉඳලා කරන ක්‍රියාකාරකම් වහා නැවැත්විය යුතුයි. ඔවුන් මේ රටට ගෙන්වා ගැනීමට පියවර ගත යුතුයි. ඒ සඳහා පොලීසිය හැටියටත්, මහජන ආරක්ෂක අමාත්‍යංශය හැටියටත් අපි කටයුතු කරනවා.''