සීතාවකපුර නගර සභාවේ බලය සජබයට
July 15, 2025 05:09 pm
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි සීතාවකපුර නගර සභාවේ බලය තහවුරු කිරීමටත් සමගි ජන බලවේගය සමත්ව තිබේ.
ඒ අනුව අද (15) පැවැති එම නගර සභාවේ මංගල සැසිවාරයේදී නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සුනිල් ජයරත්න මහතා තේරී පත්ව තිබේ.
එමෙන්ම උප නගරාධිපති ධුරයද ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වූ අජිත් විජයමුණි සොයියා මහතාට හිමි විය.