සැලකිලිමත් වෙන්න ! අවවාදාත්මක නිවේදනයක්
July 15, 2025 11:17 am
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.
එම ප්‍රදේශවල වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැ.කි.මී 50 - 60ත් අතර වැඩි වෙන අතර මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වේ.
මේ අතර මුහුදු රළ උස මීටර් 2.5 - 3ත් අතර පමණ ඉහළ යා හැකිය.
මේ නිසාවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව ද පවතී.
නාවික සහ ධීවර ප්‍රජාවන්ට මේ පිළිබඳ අවධානය යොමුකරන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.