සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

July 15, 2025   10:12 am

අද (15) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී පැයක් ගත වීමටත් ප්‍රථමයෙන් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 19,000 සීමාව ඉක්ම වීමට සමත් විය.

ඒ වන විට රු. බිලියන 1.29 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.