ටෙන්ඩර් කැඳවීමේ තීරණයක් නිසා බවුසර් රථ හිමියන් කනස්සල්ලෙන්

ටෙන්ඩර් කැඳවීමේ තීරණයක් නිසා බවුසර් රථ හිමියන් කනස්සල්ලෙන්

July 13, 2025   09:17 am

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් කුරුණෑගල පිහිටි තොග ගබඩා පර්යන්තය වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට බවුසර් රථ යොදා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට තීරණය කිරීම ගැටලු සහගත තත්ත්වයක් බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඒ.එම්.එච් අධිකාරී මහතා පැවසුවේ එමගින් තම සංගමයට දැඩි ලෙස අසාධාරණයක් සිදුවන බවය.

එමෙන්ම එලෙස ටෙන්ඩර් කැඳවීම හරහා තම සංගමයෙන් පිටස්තර පුද්ගලයෙකු වෙත ටෙන්ඩරය ලැබුණහොත් ඒ හරහා යම් ඒකාධිකාරයක් ගොඩනැගිය හැකි බවද ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.එච් අධිකාරී මහතා කියා සිටියේය.

මෙම ගැටලුව සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් කඩිනමින් විසදුමක් ලබාදිය යුතු බවයි ඒ.එම්.එච් අධිකාරී මහතා පවසයි.