රුසියානු - යුක්‍රේන යුද ගැටුම් මැද කිම් ජොන්-උන්ගෙන් පුටින්ට පූර්ණ සහායක්
July 13, 2025 10:23 am
යුක්‍රේන - රුසියා යුද ගැටුම් විසඳීම සඳහා රුසියාව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය දීමට තම රට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් උතුරු කොරියාවේ තෙදින සංචාරයක නිතර වී සිටින අතර එහිදී දෙරට අතර ඉහළ මට්ටමේ උපාය මාර්ගික සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේදී උතුරු කොරියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
එමෙන්ම යුක්‍රේනයට එරෙහිව රුසියානු යුද්ධය සඳහා ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා රුසියාවට මිලිටරි සහායක් ලබා දෙන බවද උතුරු කොරියානු ජනාධිපතිවරයා මෙහිදි පවසා තිබේ.
මේ අතර මෙම හමුව අනතුරුව රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුසියානු විදේශ අමාත්‍යවයරයා සහ කිම් ජොන් උන් අතර හමුවේදී යුක්‍රේන සහ රුසියානු යුද්ධය සඳහා උතුරු කොරියාව විසින් රුසියාවට යොමු කරන ලද හමුදා භටයින්ට රුසියාව ස්තූතිය පුද කළ බවය.