නීතිවිරෝධීව කුළුබඩු සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන ආ සැකකරුවන් 04ක් නාවික හමුදා භාරයට
July 13, 2025 06:38 am
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ද්‍රව්‍ය නාවික හමුදා භාරයට ගෙන ඇත.
කිලිනොච්චිය, ලොග්ගන්නාවාඩිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු කැබ් රථ දෙකක් පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී එම කැබ් රථ දෙකෙහි අසුරා තිබූ නීති විරෝධීව ආනයනය කරන ලද එනසාල් කිලෝ 300ක්, කහ කඩු කිලෝ 260, වියළි ඉඟුරු කිලෝ 273 ඇතුලු කුළුබඩු තොගයක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.
මේ සමගම සැකකරුවන් සිව් දෙනෙකු සහ කැබ් රථ දෙකද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඔවුන් අවුරුදු 39 සහ 49 වයස්වල පසුවන එරක්කන්ඩි, කල්මුනෛකුඩි, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවද නාවික හමුදාව පැවසීය.
නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ආනයනික ද්‍රව්‍ය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන ඇත.