ටෙක්සාස් හි ගංවතුර නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළට

ටෙක්සාස් හි ගංවතුර නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළට

July 5, 2025   08:23 am

Update -

July 5, 2025   10:02 am

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ටෙක්සාස් ප්‍රාන්තයේ ග්වාඩලූප් ගඟ දිගේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඇති වූ මෙම ගංවතුර නිසා තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇත.

විදෙස් වාර්තා සඳහන් කර සිටියේ, අතුරුදන් වූවන් අතර ළමා කඳවුරක සිටි ගැහැණු 20ක්ද සිටින බවය.

----------------------------------------------

රුදුරු ජල කඳක් අමෙරිකාවට කළ අපරාධය

July 5, 2025   08:23 am

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් අතුරුදන්ව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙලෙස අතුරුදන්ව සිටින්නේ ගැහැණු ළමුන් 750ක් පමණ සිටි කඳවුරක සිටි ළමයි පිරිසක් බවය.

ප්‍රාන්ත ආණ්ඩුකාර ලුතිනන් ඩෑන් පැට්‍රික් පවසා සිටියේ, අතුරුදන් වූවන් සෙවීමේ දැඩි සෝදිසි මෙහෙයුම් ආපදා අංශ මගින් ආරම්භ කර ඇති බවයි.

ටෙක්සාස් ප්‍රාන්තය හරහා ගලාබසින් ග්වාඩලූප් ගඟේ ජල මට්ටම මිනිත්තු 45ක් ඇතුළත, අඩි 26ක් පමණ ඉහළයෑම මෙම ආපදා තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.