මෝදි ආජන්ටිනාවට
සයුරෙන් එතෙර

මෝදි ආජන්ටිනාවට

July 5, 2025   10:56 am

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින සංචාරයක් සඳහා ආජන්ටිනාවට පැමිණ තිබේ.

පවතින සහයෝගීතාවය සමාලෝචනය කිරීමට සහ වැදගත් ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කරගැනීමේ මාර්ග ගවේෂණය කිරීමට ඔහු එරට ඉහළ නායකත්වය සමඟ සාකච්ඡා කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය පැවසීය.

මෙලෙම ආජන්ටිනාවට පැමිණි අගමැති මෝදිට චාරිත්‍රානුකූලව උණුසුම් පිළිගැනීමක් ලබාදී තිබේ.

වසර 57කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ආජන්ටිනාවේ සිදුකළ පළමු ද්විපාර්ශ්වික සංචාරය මෙය බවත් වාර්තා වෙයි.

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෝදි සහ ආජන්ටිනා ජනාධිපති අතර පුළුල් සාකච්ඡා පවත්වනු ඇති බවත් විදෙස් මාධ්‍ය පැවසීය.

ඒ අනුව ආරක්‍ෂාව, කෘෂිකර්මාන්තය, කැණීම්, තෙල් හා ගෑස්, පුනර්ජනනීය බලශක්තිය, වෙළෙඳාම සහ ආයෝජන ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල ඉන්දියා-ආජන්ටිනා හවුල්කාරිත්වය ඉහළ නැංවීමේ ක්‍රම පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කරනු ඇත.