බොරැල්ල වෙඩිතැබීම - තවත් සැකකරුවන් දෙදෙනෙක් කොටු

බොරැල්ල වෙඩිතැබීම - තවත් සැකකරුවන් දෙදෙනෙක් කොටු

July 5, 2025   06:58 am

බොරැල්ල පොලිස් වසමේ හල්ගහකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර 2025.06.04 දින මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අපරාධය සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඊයේ (04) රාත්‍රී කාලයේදී සැකකරුවන් දෙදෙනා බොරැල්ල සිරිසර උයන හා වැල්ලම්පිටිය සේදවත්ත යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 18 හා 19 වයස්වල පසුවන  බොරැල්ල හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

එක් සැකකරුවෙකු අපරාධයට යොදාගත් යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බව පොලීසිය පවසයි. 

මෙම අපරාධයට අදාළ සැකකරුවන් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.