ඩෙංගු මදුරුවන් බෝ වන තැන් සොයා අදත් මෙහෙයුම්
July 2, 2025 03:40 pm
ජාතික මදුරු මර්දන සතියේ තෙවන දිනය වන අද (02) දිනයේදීත් දිවයිනපුරා පරීක්ෂා කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (01) දිනයේදී පරිශ්‍ර 22,294ක් පරීක්ෂාවට ලක් කළ බවය.
එහිදී මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර 4,965ක් හඳුනා ගනු ලැබූ අතර මදුරු කීටයන් සහිත පරිශ්‍ර 657ක් හඳුනා ගෙන තිබේ.
එම පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 553 දෙනෙකුට රතු නිවේදන නිකුත් කළ අතර තවත් 153 දෙනෙකුට නඩු පැවරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
එමෙන්ම ගතවූ දින දෙක ඇතුළත පරිශ්‍ර 48,354ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මදුරු කීටයින් බෝ විය හැකි ස්ථාන 10,591ක් හඳුනාගෙන ඇත.
මීට අමතරව පරිශ්‍ර 1,611ක මදුරු කීටයින් හඳුනාගත් ගෙන ඇති අතර ඉන් රතු නිවේදන 1,193ක් සහ නඩු පැවරීම් 256ක්ද සිදුකළ බව බව සඳහන් වේ.