පාර්ලිමේන්තු විශේෂ සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු විශේෂ සභාවාරය ඇරඹෙයි

June 30, 2025   09:32 am

පාර්ලිමේන්තු විශේෂ සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේ දිනයක් ලෙස අද පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ  ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැසවුවාය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව කැඳවා ඇත.