දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක
June 26, 2025 07:24 am
අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්රියාත්මක කරන බව ශ්රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසුවේය.
සිය ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.