දුමින්ද යළි රිමාන්ඩ්
June 26, 2025 11:20 am
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එළැඹෙන ජූලි මස 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඔහුව අද (26) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුන්වන සැකකරු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.