header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බළකායක්
Jun 24, 202505:24 PM
නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බළකායක්
Mobitel 1278

නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් කටයුතු කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත මෙම කාර්ය සාධක බළකාය පත් කිරීමට පියවර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවකවදය ඉන් තුරන් කිරීම වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන බැවින් නවකවදය පමණක් නොව ශිෂ්‍යන් වෙත ශිෂ්‍යන්ගෙන්, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශව හරහා සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් මෙන්ම එම පාර්ශවවලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයින්ට සිදුවන හිංසනයන් ද නතර කිරීම එම කාර්ය සාධක බළකායේ අරමුණ වී ඇති බවය.

ඒ අනුව එම කාර්ය සාධක බළකායේ සාමාජිකයින් ලෙස පහත සඳහන් නියෝජිතයින් පත්කර තිබේ.

1. මහාචාර්ය කේ.එල්.වසන්ත මහතා - උප සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
2. මහාචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය - අධ්‍යක්ෂ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සාධාරණත්වය සදහා වන මධ්‍යස්ථානය,(CGEE) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
3. මහාචාර්ය හේමමාලි ගුණතිලක මහත්මිය -සාමාජික, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
4. මහාචාර්ය විජය ජයතිලක මහතා - CGEE ආයතනයේ හිටපු සාමාජික
5. ආචාර්ය සයුරි පෙරේරා මහත්මිය - මනෝ චිකිත්සක අධ්‍යනාංශය,වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
6. ශානිකා මලල්ගොඩ මහත්මිය - ජාතික ළමාරක්ෂක අධිකාරිය
7. අප්සරා කල්දේරා මහත්මිය - අතිරේක ලේකම්,අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය
8. ගුණදාස සමරසේකර මහතා - අතිරේක ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය
9. ආචාර්ය චින්තක පෙරේරා මහතා - අධ්‍යක්ෂ,බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනය
10. ඒ.ජී.ඒ.ජාලිත කුමාර මහතා - අධ්‍යක්ෂ,ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය-කොළඹ 15
11. ජේ.පී.විජයතිලක ජයසිංහ මහතා - කොළඹ විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක නියෝජනය
12. ඩබ්.ඒ.ඒ.වේරහැර මහතා - පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල විනයාරක්ෂක අංශ නියෝජනය
13. කවිදු බිම්සර මහතා - ලේකම්, මහා ශිෂ්‍ය සංගමය, කොළඹ විශ්වවිද්‍යාලය. නීති පීඨ ශිෂ්‍ය.
14. සජිනි වත්සලා මෙනෙවිය - ලේක්ම්, මහා ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්වවිද්‍යාලය. නීති විද්‍යාල ශිෂ්‍ය.
15. පොලිස්පතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු
16. නීතිපතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු

මෙරට විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක් සහ සංස්කෘතියක් නිර්මාණය කිරීම, ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය යෝජනා සකස් කිරීම, ඊට අවශ්‍ය නීතිමය රාමු යාවත්කාලීන කිරීම සඳහා යෝජනා සකස්කිරීම, හිංසනය සහ ප්‍රචණ්ඩත්වය නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම, සිදුවීම් වාර්තා කිරීමට සහ ඒවාට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අදාළ ක්‍රමවේද සැකසීම, යන අරමුණු වෙනුවෙන් රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධ කරගැනීම, වින්දිතයින්ගේ ආරක්ෂාව සහ ගෞරවය සුරැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, වින්දිතයින්ට සිදුවූ මානසික බලපෑම් සැලකිල්ලට ගනිමින් යථා තත්වයට පත්කරලීම සඳහා අවශ්‍ය කටයුතු වෙත යොමු කිරීම වැනි කාර්යන් මෙම කාර්ය සාධක බළකාය හරහා සිදුකිරීමට අපේක්ෂිතය.

සිදුවීම් සඳහා ප්‍රතිචාර දැක්වීමකට පමණක් සීමා නොවී හිංසනය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක් උසස් අධ්‍යාපන ආයතන තුළ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් ආදී වැඩසටහන් ජාතික වැඩපිළිවෙළකට අනුව සංවිධානය කිරීම වැනි කරණුද සැලකිල්ලට ගනිමින් ඉහත අරමුණු පෙලගස්වා ඇත.

ඉදිරියේදී මෙම කාර්ය සාධක බළකාය යටතේ විශ්වවිද්‍යාල මට්ටමින් සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මට්ටමින් ඒකක පිහිටුවීමට ද යෝජනා වී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

 කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

 කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

 අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු