ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්
June 19, 2025 01:41 pm
ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව පහත දැක්වෙන ලිපිනයෙහි එය ස්ථානගත කොට ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී තිබේ.
ලිපිනය - අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම් කොමේනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට්
දුරකතන අංක - +98 939 205 5161/ +98 991 205 7522/ +98 936 636 0260
විද්‍යුත් තැපැල් ලිපිනය - slembiran@yahoo.com
ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඉහත දැක්වෙන තොරතුරු මඟින් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස දැනුම් දී ඇත.