අරණායක සභාපති සජබයෙන් - උප සභාපති සර්වජන බලයෙන්
June 19, 2025 04:39 pm
අරණායක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවමින් සමගි ජන බලවේගයේ එම්.පී. මංජුල සෙනවිරත්න මහතා ඡන්ද 16ක් ලබාගනිමින් සභාපතිවරයා වශයෙන් අද (19) තෝරා පත්කර ගැනුණි.
උප සභාපති තෝරා පත් කරගැනීම විවෘත ඡන්ද විමසීමකින් තොරව සර්වජන බලය පක්ෂයේ ජී.ඩබ්ලිව්. ඉරේෂා මහත්මියගේ නම් යෝජනා වීමෙන් අනතුරුව ඇය නිතරගයෙන් පත් වුණි.
පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය අරණයාක ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රී ධුර 13ක් ලබාගනිමින් ජය හිමි කරගැනීමට සමත්වී තිබුණි.
අරණායක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම සබරගමුව පළාත් පාලන කොමසාරිස් එල්.එම්.පී.ඩබ්. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා රැස්විම් ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වුණි.
සභාවේ සභාපති ලෙස රෝහණ දිලිප් කුමාර ප්‍රනාන්දු මහතාගේ නම ජාතික ජන බලවේගය වෙනුවෙන් මන්ත්‍රි අකිල සුදේශ් බණ්ඩාරවත්ත මහතා යෝජනා කරතිබූ අතර එම පක්ෂයේම කසුන් ප්‍රසාද් උඩදෙනිය මහතා යෝජනාව ස්ථිර කර තිබුණි.
සමගි ජන බලවේගයෙන් සභාපති ලෙස මංජුල සෙනවිරත්න මහතාගේ නම එම පක්ෂයේ මන්ත්‍රි තුසිත අබේරත්න මහතා විසින් යෝජනා කළ අතර මන්ත්‍රි අමිල තිවංක ගුණතිලක මහතා එම යෝජනාව ස්ථිර කරන ලදි.
එහිදී ඔහු වෙනුවෙන් සමගි ජන බලවේගය, සර්වජන බලය, පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ යටතේ තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදී තිබුණි.
ජාතික ජන බලවේගයේ අපේක්ෂයා ඡන්ද 13ක් පමණක් හිමි කරගත් අතර ජන අරගල පක්ෂයේ මන්ත්‍රිවරයා ඡන්දය ලබාදීමෙන් වැලකී තිබුණි.
අරණායක ප්‍රාදේශීය සභාවට සභිකයින් තේරීපත්වී ඇති ආකාරය.
එක්සත් ජාතික පක්ෂය - 02
ජනතා අරගල සන්ධානය - 01
ජාතික ජන බලවේගය - 13
මහජන සන්ධානය - 01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 02
සමගි ජන බලවේගය - 08
සර්වජන බලය - 03