කොළොන්නාව නගර සභාවේ බලය මාලිමාවට

කොළොන්නාව නගර සභාවේ බලය මාලිමාවට

June 18, 2025   10:42 am

කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

අද (18) උදෑසන රැස්වූ කොළොන්නාව නගර සභාවට සභාපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ දී උණුසුම් තත්ත්වයක් ද හට ගැණුනි.

කොළොන්නාව නගර සභාවේ ආසන 9ක් මාලිමාවට හිමිව තිබූ අතර, විපක්ෂයට ආසන 10ක් හිමිව තිබුණි.

කෙසේවෙතත් ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු 9 දෙනෙකු සභාවෙන් පිටව ගිය අතර, සමගි ජන බලවේගයේ වැඩිම මනාප හිමිකරගත් සුසිල් කුමාර මහතා සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය පළ කළේය.

ඒ අනුව පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 10ක් හිමිකර ගනිමින් ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා කොළොන්නාව නගර සභාවේ, සභාපතිවරයා ලෙස තේරී පත්වුණි.

උප සභාපති ධුරය සමන් සෙනෙවිරත්න මහතාට හිමිවිය.