මාරක රිය අනතුරක් - 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

මාරක රිය අනතුරක් - 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

June 18, 2025   07:42 am

ත්‍රිකුණාමලය - අඹේපුස්ස මාර්ගයේ ආන්ද්‍රම්කුලම ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දෙස සිට ආන්ද්‍රම්කුලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදික මාරුවෙන් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. 

ඊයේ (17) රාත්‍රී කාලයේ අනතුර සිදුව ඇති අතර, අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 56ක් වූ චම්පාලෙන්, ආන්ද්‍රම්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   

මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

අනතුර සම්බන්ධව වයස අවුරුදු 19ක් වන පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර උප්පුවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලීසිය පවසයි.