වනඅලි පහරදීමකින් පොලිස් නිලධාරියෙක් මරුට
June 17, 2025 08:56 am
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී වනඅලියෙකු පහරදීමෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.
පොලීසිය පවසන්නේ, දෙහිඅත්තකණ්ඩිය වලස්ගල කැලෑ ප්‍රදේශයේ දී එම වනඅලි ප්‍රහාරය එල්ල වී ඇති බවය.
වනඅලි පහරදීමෙන් තුවාල ලබා මාර්ගයේ ඇදවැටී සිටි අදාළ පුද්ගලයා එම මාර්ගයේ ගමන් කළ බස් රථයක් මඟින් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 53 හැවිරිදි වීරලන්ද, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර ඔහු දෙහිඅත්තකණ්ඩිය පොලීසියට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙකු බව සඳහන්ය.
ඔහු රාජකාරී සඳහා පොලිස් ස්ථානය වෙත යමින් සිටියදී මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.