දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 138කට සීමාවෙයි
June 12, 2025 06:50 pm
ICC ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දෙවන දිනය වූ අද (12) දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 138කට සීමාකිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.
දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් ඉදිරියේ ඔස්ට්‍රේලියානුවන් අසරණ වූ සේම, ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් ඉදිරියේ දකුණු අප්‍රිකානු පිතිකරුවෝද අසරණ වූහ.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ නායක පැට් කමින්ස් කඩුලු 6ක් දවාගත්තේය. පන්දුවාර 18.1ක් පමණක් යොමුකළ ඔහු ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 28ක් පමණි.
කඩාවැටුණු දකුණු අප්‍රිකානු ඉනිමේ ඉහළම ඉනිම David Bedingham ක්‍රීඩාකළ අතර, ඔහු පන්දු 111කට මුහුණදෙමින් ලකුණු 45ක් රැස්කළේය.
ඊට අමතරව නායක ටෙම්බා බවුමා පන්දු 84ක් ක්‍රීඩාකරමින් ඉනිමට ලකුණු 36ක් එක්කළේය.
ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ඊයේ (11) ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම පන්දුවාර 56.4කදී සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ඔවුන්ට ලකුණු 74ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කිරීමට හැකිවේ.