බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ කිහිපදෙනෙකු දිවයිනට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ කිහිපදෙනෙකු දිවයිනට

June 12, 2025   06:20 pm

ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පළමු කණ්ඩායම අද (12) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

මෙම පිරිසට ක්‍රීඩකයින් 05ක් සහ නිලධාරීන් 05ක් ඇතුළත් වේ. මෙහි දෙවන කණ්ඩායම හෙට (13) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

දෙරට අතර ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 03ක් සහ විස්සයි20 තරග 03ක් පැවැත්වීමට නියමිතය.

ඉන් පළමුව ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන අතර, ඉන් පළමු තරගය මේ මස 17වනදා ගාල්ලේ දී පැවැත්වේ.

දෙවන ටෙස්ට් තරගය ජුනි මස 25වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී  පැවැත්වීමට නියමිතය.