හොරණ බිහිසුණු අනතුර - CCTV සහිතයි

හොරණ බිහිසුණු අනතුර - CCTV සහිතයි

June 10, 2025   11:24 am

හොරණ, වගවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණෙන මෝටර් රථයක ගැටී සිදුවු බිහිසුණු අනතුරක් CCTV කැමරාවක සටහන්ව තිබේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ යතුරුපැදිකරු උඩින් විසිවී ගොස් බිම වැටෙන අයුරු ද එම දර්ශනවල සටහන්ව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු ඔවුන් දෙදෙනා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු කළුබෝවිල රෝහලට මාරුකර යවා තිබේ.

අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුර හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබයි.

හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.