මාරක අනතුරු කිහිපයක් - අදත් ජීවිත තුනක් අහිමි වෙයි

මාරක අනතුරු කිහිපයක් - අදත් ජීවිත තුනක් අහිමි වෙයි

June 12, 2025   10:10 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පැල්මඩුල්ල - නෝනාගම මාර්ගයේ කොස්වැටිය ප්‍රදේශයේ දී මාර්ගය අයිනේ නවතා තිබු ලොරි රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් 24 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ අල්පිටිය ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිව අයෙකි.

ශ්‍රී පුර - සිංහපුර මාර්ගයේ පයින වංගුව අසල දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු පැදිකරු සහ පසුපැදිකරු දෙදෙනා ශ්‍රී පුර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු වන අතර තුවාල ලැබූවන් 16 සහ 17 හැවිරිදි අය වන බව පොලීසිය පැවසුවේය.

මේ අතර මහනුවර අප්ලන්ඩ් ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 64 හැවිරිදි අංකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.