අද මධ්‍යම රාත්‍රියේ සිට නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කෙරේ
June 13, 2025 11:00 am
අද (13) මධ්‍යම රාත්‍රියේ සිට නොරොච්චෝලේ 3වන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා නතර කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව දින 25ක කාලයක් මෙම අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන බව එම මණ්ඩලය පැවසීය.
ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවයක් අහිමිවෙනු ඇත.
කෙසේවෙතත් ජනන යන්ත්‍ර 2ක් ක්‍රියාකාරී මට්ටමේ පැවතීම හේතුවෙන් විදුලිබල සැපයුමට කිසිඳු බාධාවක් ඇති නොවන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසීය.
3වන ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කිරීමට නියමිතව තිබේ.
මේ අතර දැනට මාස 1 1/2ක කාලයක් මුළුල්ලේ අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකර තිබූ කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය විදුලි ජනන කටයුතු සඳහා ඉදිරි දින කිහිපය තුළ යළි එක් කිරීමට නියමිතය.
එමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක ධාරිතාවයක් එක් කෙරෙනු ඇත.