අනවසරයෙන් ඉන්දියාවට ඇතුළු වූ ලාංකිකයින් 05ක් අත්අඩංගුවට
June 10, 2025 11:24 am
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එකම පවුලේ පුද්ගලයින් 05 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට ළඟා වු එම පිරිස ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද වන බව වාර්තා වෙයි.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තමන් මෙලෙස ඉන්දියාවට පළා ආ බව ඔවුන් විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පස් දෙනා ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සඳහා ස්ථාපිත කර ඇති මණ්ඩපම් සරණාගත කඳවුර වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.