කාන්තාවකගේ දිවි බේරූ පොලීසිය

කාන්තාවකගේ දිවි බේරූ පොලීසිය

June 10, 2025   08:54 am

මල්වතු ඔය පරණ පාලම අසල නාන තොටුපලේ දිය නාමින් සිටි කාන්තාවක් සැඩ පහරට ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.

ඊයේ (09) සවස් කාලයේදී එම කාන්තාව මෙම අනතුරට මුහුණ දුන් බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන මූලික ප්‍රතිකාර ලබා දී ඇත. 

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වන හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම කාන්තාව බේරාගෙන ඇත්තේ, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 66640 රංජිත්, පොලිස් කොස්තාපල් 76785 නිෂාන්ත හා පොලිස් කොස්තාපල් 93809 ලියනගේ යන නිලධාරින් විසින්ය.

එම කාන්තාව බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් ඥාතින් වෙත දුන් බව පොලීසිය පවසයි.