සයුරෙන් එතෙර
BTS රසිකයන්ට සුබ ආරංචියක්
June 10, 2025 06:11 pm
ලොව සුප්‍රකට K-pop "BTS" සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වන RM සහ V යනුවෙන් හඳුන්වන සාමාජිකයින් දෙදෙනාව දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවය වන ජාතික රාජකාරියෙන් පසුව අද (10) දකුණු කොරියානු හමුදාව විසින් නිදහස් කර තිබේ.
BTS රසිකයන් සංගීත කණ්ඩායම නැවත් ඔවුන් අතරට එන්නනේ කාවදා ද යන්න සම්බන්ධව දින ගණන් කරමින් සිටි අතර RM සහ V පිළිගැනීමට හමුදා කඳවුර අසල රසිකයන් විශාල පිරිසක් රැස්ව සිටි අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
රසිකයන් ඉදිරියට පැමිණි RM සහ V පවසා ඇත්තේ, ඔවුන් එනතුරු බලාසිට සියලුමදෙනාට කෘතඥ වන බවත් BTS කණ්ඩාය ඉතාමත් ඉක්මනින් සංගීත කටයුතු ආරම්භ කරන බවත්ය.
සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ ජින් පසුගිය වසරේ ජුනි මාසයේ හමුදා සේවය අවසන් කළ අතර, ජේ-හෝප් ඔක්තෝබර් මාසයේ සිය හමුදා සේවය අවසන් කර තිබුණි.
එමෙන්ම හෙට (11) දිනයේ ජිමින් සහ ජුන්ග් කුක් ඔවුන්ගේ ජාතික රාජකාරිය අවසන් කිරීමට නියමිත බව සඳහන් වේ.
සුගා මෙම මස 21 වනදා සිය ජාතික රාජකාරිය අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.
BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වූයේ පසුගිය 2022 වසරේදීය.
එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි "ජින්" ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්විය.
2013 වසරේදී පළමුවරට සිය නිර්මාණ ඉදිරිපත්කළ BTS සංගීත කණ්ඩායම ලොව පුරා තරුණ පරපුර අතර අතීශය ජනප්‍රිය සංගීත කණ්ඩායමකි.