රවී කුමුදේශ්ගේ වැඩ තහනම් කෙරේ
June 9, 2025 04:08 pm
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබේ.
ආයතන සංග්‍රහයට පිටින් යමින්, 2024 මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී තරග කිරීම හේතුවෙන් රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර ඇති බව ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) චාමික ගමගේ මහතා සඳහන් කර ඇත.
2024.10.10 සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වැඩ තහනම් කර තිබේ.
ඒ අනුව, ඔහුට වැටුප් ඇතුළු දීමනා කිසිවක් හිමි නොවනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
එසේම, වැඩ තහනම්ව සිටින කාලය තුළ ඔහුට විදෙස් ගත වීමටද හැකියාවක් නොමැති බවත් පදිංචි ස්ථානයේ, ලිපිනයේ වෙනසක් සිදු වන්නේ නම් එයද දැනුම් දිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) චාමික ගමගේ මහතා එම ලියුම මගින් සඳහන් කර ඇත.