ට්‍රම්ප්ගේ පය පැටලෙයි

ට්‍රම්ප්ගේ පය පැටලෙයි

June 9, 2025   11:11 am

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (08) නිව් ජර්සි හි මොරිස්ටවුන් නාගරික ගුවන්තොටුපොළෙන් පිටත්ව යාම සඳහා එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවීමට යානයේ පඩිපෙළ නගිමින් සිටියදී ඒ මත පය ලිස්සා ඇදවැටීමට යන ආකාරය පටිගත වූ වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර ගොස් ඇත.

එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වෙමින් පවතී.

මේ අතර, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියොගේ ද එලෙසම පය පැටලී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉහත දැක්වෙන්නේ අදාළ වීඩියෝවයි.