පොසොන් උත්සවයේ මාධ්‍ය දායකත්වය 16 වන වරටත් දෙරණින්
June 9, 2025 02:04 pm
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි ඇතුළු අනුරාධපුර ජාතික පොසොන් කමිටුව සහ ශ්‍රී ලංකා පොලීසිය සමඟින් අත්වැල් බැදගනිමින් අඛණ්ඩව පොසොන් උත්සවයේ මාධ්‍ය දායක්තවය මෙවත් දෙරණ මාධ්‍ය ජාලය විසින් සිදුකරනු ලබයි.
2009 සිට 16 වරටත් මේ සඳහා දෙරණ අත්වැල් බැඳගැනීම විශේෂත්වයකි.
මීට සමගාමීව පූජානගර ප්‍රදේශය සහ ඒ අවට මාර්ග සංඥා පුවරු සහ මාර්ග බාධක පුවරු සවිකිරීමද දෙරණ අනූග්‍රාහකත්වයෙන් සිදුකෙරුණි.
මාර්ග බාධක සේවාවල නිරත පොලිස් නිලධාරීන් සඳහා පොලිස් මුරකුටි 6ක්ද ලබාදෙනු ලැබීය.
මේ අතර දෙරණාභිවන්දනා උත්තම පොසොන් නමස්කාරය රුවන්වැලි මහ සෑ රදුන් අභියසදී හෙට (10) දවස පුරා පැවැත්වේ.
සම්බුද්ධ පූජාව සහ සීල සමාදානය සමඟින් පෝදා වැඩසටහන ආරම්භ වන්නේ හෙට උදෑසන 5.45 ටයි.
සද්ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ,සම්බුද්ධ පූජාව සහ කාව්‍ය විශාර ද පූජ්‍ය දීගල පියදස්සි හිමියන්ගේ වැඩමවීමෙන් සිදුකරන ආශිර්වාද පහන් පූජාව ඇතුළු ආගමික වැඩසටහන් රැසක් හෙට දවස පුරා සජීවිව ටී.වී. දෙරණින් සහ එෆ්.එම්. දෙරණින් ගෙන ඒමට සූදානම්ය.
එමෙන්ම ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේ වැඩසිටින පිටත බෝ මළුවේදී සහ සලපතන මළුවේදී Dialog ආලෝක පූජාව හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර පින්වත් සැදැහැවත් ඔබට ඒ සඳහා එක්වීමට අවස්ථාව උදා වේ.