දේශබන්දුට එරෙහි ත්‍රිපුද්ගල කමිටුව අදත් රැස්වෙයි
May 28, 2025 11:13 am
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශනය කරන ත්‍රිපුද්ගල කමිටුව අද (28) යළි රැස්වීමට නියමිතව තිබේ.
එම කමිටුව පාර්ලිමේන්තුව සංකීර්ණයේදී අද පස්වරු 2ට රැස්වනු ඇත.
ඒ අනුව මෙම කමිටුව හමුවේ පෙනීසිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට මේ වනවිට දැනුම්දී ඇති අතර මීට පෙරද ඔහු එම කමිටුව හමුවේ පෙනී සිටියේය.