හන්තාන නැරඹීමට ගොස් අතුරුදන්වූ ළමුන් ඇතුළු පිරිසක් මුදා ගැනේ

හන්තාන නැරඹීමට ගොස් අතුරුදන්වූ ළමුන් ඇතුළු පිරිසක් මුදා ගැනේ

June 29, 2025   09:29 am

මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ අවුරුදු 12 ත් 24 ත් අතර වයසේ පසුවන ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හත්තාන කදු මුදුන නැරඹීමට ඊයේ සවස එක්ව තිබේ.

පැවති මීදුව සහ වැසි හමුවේ ඔවුන්ට නැවත පැමිණීමට මග සොයා ගැනීමට නොහැකිව  අතුරුදන් වී තිබුණි.   

ඔවුන් ඒ පිළිබඳව මව්පියන්ට දැනුම්දීමෙන් පසු යුද හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් සිදුකර ළමුන් පිරිස සොයා ගනු ලැබීය. 

මුදාගත් ළමුන් පේරාදෙණිය රෝහලට යොමු කළ අතර ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය බව වාර්තා වෙයි.