කොළඹට හෙට පැය 12ක ජල කප්පාදුවක්
May 24, 2025 08:21 pm
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට (25) කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ, හෙට පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවය.
කොළඹ 1 සිට 15 දක්වාත්, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව,කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.